ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 51 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.
New Chandigarh හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04 ක් දැවී ලකුණු 213 ක් රැස්කළා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ Quinton De Kock ලකුණු 90 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19.1 ක් තුළ් සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 162 ක් පමණයි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් Ottneil Baartman කඩුලු 04 ක් දවා ගත්තා.
තරගයේ වීරයා සම්මානය Quinton De Kock වෙත හිමිවුණා.
2 Responses
Apo mata nam penna behe muuwa
Tawama world cup ekak gahaganna tamai beriune meyalata