Where the Life Meets Cricket

info@cricketlk.com

සෑම් කරන් රාජස්ථානයට බොරු කලාද ?

මේ පාර IPL සීසන් එකේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට වුණු ලොකුම පාඩුව තමයි සෑම් කරන් ආබාධයක් නිසා තරගාවලිය සඳහා ක්රීඩා නොකිරීම.

ඉතින්, මේකත් එක්ක තමයි දසුන් ශානකට මෙවර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්රීඩා කරන්න අවස්ථාව හිමිවුණේ.

කොහොම වුණත් ඊයේ (29) තරගය අවසන් වීමෙන් පසුව රාජස්ථාන් රෝයල්ස් ප්රධාන පුහුණුකරු කුමාර් සංගක්කාරගෙන් මාධ්යවේදියෙක් විසින් සෑම් කරන් පිළිබඳව ප්රශ්නයක් මතු කරනවා.

ඊට සංගක්කාර පිළිතුරු දුන්නේ මෙන්න මේ විදිහට -:

🗣️ – “සෑම් කරන් ට ආබාධයක් තියනවා කියලා අපිට කීවා.. නමුත් මම හිතන්නේ ඔහු Surrey කණ්ඩායම වෙනුවෙන් තරග දෙකකට හෝ තුනකට ක්රීඩා කරලා තියනවා. ඒක ඇත්තටම කළකිරීමට කරුණක්..”

ඔහු එම තරග සඳහා ක්රීඩා කරලා තියෙන්නේ පිතිකරුවෙක් විදිහට පමණයි. එහිදී ඉනිම් තුනකදී ලකුණු 141 ක් රැස්කරන්න සෑම් කරන් සමත් වෙලා තියනවා.

මේ කාරණාවත් එක්ක සෑම් කරන්න මේ පාර IPL සීසන් එකට එන්නේ නැතුව ඉන්න බොරුවක් කළාද කියන එක මේ වෙද්දි කා අතරත් ජනප්රිය මාතෘකාවක් වෙලා තියනවා.

IPL ක්රීඩක වෙන්දේසියෙන් මිළදී ගන්නා ඇතැම් විදෙස් ක්රීඩකයන් සාධාරණ හේතුවකින් තොරව හිතාමතාම තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් එවැනි ක්රීඩකයන්ට වසර 02 ක IPL තරගාවලි තහනමක් පැනවීමට තීරණය කළේ මෙවැනි පසුබිමක් තුළදීයි.

ඇත්තටම, සෑම් කරන් මේ පාර IPL තරගාවලියට ක්රීඩා නොකරපු එක් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විශාල පාඩුවක් වුණා.

සෑම් කරන් ගේ Replacement එකට ආපු දසුන් ශානකට තමන්ගේ Duty එක මේ පාර හරියටම කණ්ඩායම වෙනුවෙන් ඉටු කරන්නත් බැරිවුණා.

තවදුරටත් මේ ගැන අදහස් පළකරපු රාජස්ථාන් රෝයල්ස් ප්රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර කීවේ මෙවැනි දෙයක් -:

🗣️ – “එනවද නැද්ද කියලා තීරණය කරන එක ඒ ක්රීඩකයන්ට භාරයි. නමුත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය අනුගමනය කරන ප්රතිපත්තිය මේ වෙද්දි ඉතාමත් දැඩියි. ඒක ඒ විදිහට ඉදිරියටත් කරගෙන යා යුතුයි..”

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More