Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාවේ Semi Final බලාපොරොත්තු යළිත් අලුත් වෙයි

බ්‍රහස්පතින්දා වන තෙක් ඉන්දියාවට පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව ඉතා අඩු තත්ත්වයක් පැවතිය ද, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (පෙබ: 26) ලැබූ ලකුණු 72ක ජයග්‍රහණයත් සමග එම තත්ත්වය වෙනස් වී තිබේ.

ඊයේ තරගයෙන් ජය ගැනීමෙන් පසු ඉන්දියාවේ ශුද්ධ ලකුණු සාමාන්‍යය – 0.1ක් බවට පත් විය.

ඉරිදා (මාර්තු 01) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයෙන් ජය ගතහොත් ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදා වෙයි.

ඒ අනුව, ඉරිදා පැවැත්වෙන කොදෙව් – ඉන්දියා තරගය අතිශය තීරණාත්මක තරගයක් වන්නේ, කණ්ඩායම් දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමි කර ගන්නා හෙයිනි.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 4කට ලකුණු 256ක් රැස් කරමින් උත්සහ කළේ, සිම්බාබ්වේ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගෙන ශුද්ධ ලකුණු සාමාන්‍යය ඉහළ දමා ගැනීමට ය.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6කට ලකුණු 184ක් රැස් කළ හෙයින්, ඉන්දියාවේ ශුද්ධ ලකුණු සාමාන්‍යය තවමත් පවතින්නේ, ඍණ අගයක් ලෙස ය.

කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ජය ගතහොත් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශුද්ධ ලකුණු සාමාන්‍යය බලපාන්නේ නැත.

ඒ, ඉන්දියාවේ ප්‍රසාද ලකුණු ලකුණු සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ යන හෙයිනි.

මේ වන විට ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් 2 ම ප්‍රසාද ලකුණු 2 බැගින් හිමි කරගෙන සිටී.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස පැවති කොදෙව්වන් සිම්බාබ්වේට එරෙහිව රැස් කළ ලකුණු 254 ඊයේ තරගයේදී බිඳ හෙළීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියාව එම වාර්තාව බිඳ හෙළුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ම ය.

එහිදී, ඉන්දියාව ලකුණු 256ක් රැස් කිරීමට සමත් විය.

එම ලකුණු සංඛ්‍යාව පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියකදී රැස් කළ දෙවන වැඩි ම ලකුණු සංඛ්‍යාව ය.

එහි වාර්තාවට හිමිකම් කියන්නේ, ශ්‍රී ලංකාව යි.

ශ්‍රී ලංකාව 2007 වසරේදී කෙන්යාවට එරෙහිව කඩුලු 6කට ලකුණු 260ක් රැස් කළේ ය. වසර 19ක් තිස්සේ එය තවමත් නොබිඳී පවතින වාර්තාවකි.

සිය පළමු සුපිරි 8 දෙනාගේ තරගයේදී ඉන්දියාව, දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 76ක දැවැන්ත පරාජයකට පත් විය.

විස්සයි 20 තරගයකදී ඉන්දියාව ලැබූ විශාලතම පරාජය එය යි.

කෙසේ වෙතත්, සිම්බාබ්වේට එරෙහි තරගය ජය ගැනීමෙන් පසු ඉන්දියාවට අවසන් වටයේ අපේක්ෂා වැඩි විය.

-BBC-

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More