මෙම වසරේ බොක්සිං දින ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 04 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායමට අද (27) හැකිවුණා.
මෙවර බොක්සිං දින ටෙස්ට් තරගය ලෙස නම් කළේ අළුබඳුන හතරවන ටෙස්ට් තරගයයි.
මෙම තරගය සඳහා ලබා දී තිබූ තණතීරුව (Pitch) ටෙස්ට් තරගයක් සඳහා සුදුසු වනවාද යනවග ඇතැම් පාර්ශවයන්ගේ මතය වී තිබුණා.
කෙසේවෙතත් තරගයේ දෙවන දිනය වන අද (27) දිනයේදී තරගය නැරඹීම සඳහා 92,045 දෙනෙකු මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණියා.
මෙලෙස ඔස්ට්‍රේලියාව බොක්සිං දින ටෙස්ට් තරගයක් පරාජය වූයේ වසර 05 කට පසුව වීම ද විශේෂත්වයක්.
අවසන් වරට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී පැවති බොක්සිං දින ටෙස්ට් තරගයක් පරාජයට පත්වූයේ 2020 වසරේදීයි.
ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව.