Where the Life Meets Cricket

info@cricketlk.com

පැතුම් හා කුසල් අද කඩයිම් 2 ක් අභියස

ජාත්යන්තර එක්දින තරග රටාව තුළ ලකුණු 3,000 සීමාව පසුකර යෑමට ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අවශ්ය වන්නේ තවත් එක් ලකුණක් පමණයි.
 
ශ්රී ලංකාව වෙනුවෙන් ජාත්යන්තර එක්දින තරග 78 කට ක්රීඩාකර ඇති පැතුම් එහිදී ලකුණු 2,999 ක් මේ වනවිට රැස්කරගෙන සිටිනවා.
 
ශ්රී ලංකාව වෙනුවෙන් ජාත්යන්තර එක්දින තරග රටාව තුළ අඩු ඉනිම් ගණනකින් වේගයෙන්ම ලකුණු 3,000 සීමාව පසුකර ඇත්තේ උපුල් තරංගයි.
 
උපුල් තරංග මෙම සුවිශේෂී කඩයිම පසුකර ගියේ 2010 වසරේදී සිම්බාබ්වේ සත්කාරකත්වයෙන් පැවති ඉන්දියා – ශ්රී ලංකා – සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුරදීයි.
 
මෙම කඩයිම පසුකිරීම සඳහා ඔහුට එක්දින ඉනිම් 93 ක් වැයවී තිබුණා.
 
ඒ අනුව, හෙට (07) දිනයේදී ශ්රී ලංකාව වෙනුවෙන් ජාත්යන්තර එක්දින පිටියේ ලකුණු 3,000 සීමාව වේගයෙන්ම පසුකර යන පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්වනු ඇති.
 
ශ්රී ලංකා වත්මන් එක්දින සහ පන්දුවාර 20 නායක කුසල් මෙන්ඩිස් අද (06) තම එක්දින ක්රිකට් දිවියේ ලකුණු 5,000 සීමාව පසුකර යෑමට සූදානම් වනවා.
 
ඒ සඳහා ඔහුට අවශ්ය වන්නේ තවත් ලකුණු 38 ක් පමණයි.
 
කුසල් මෙන්ඩිස් ට අද දිනයේදී මෙම කඩයිම පසුකර යෑමට හැකිවුවහොත් ශ්රී ලංකාව වෙනුවෙන් ජාත්යන්තර එක්දින තරග රටාව තුළ ලකුණු 5,000 සීමාව අඩු ඉනිම් ගණනකින් පසුකර ගිය ශ්රී ලංකා පිතිකරුවන් අතර දෙවැන්නා බවට පත්විය හැකියි.
 
මෙතෙක් එම ස්ථානයේ රැඳී සිටියේ ශ්රී ලංකා හිටපු නායක උපුල් තරංග වන අතර ඔහු මෙම කඩයිම පසුකර ගියේ 2013 වසරේදීයි. ඒ සඳහා ඔහුට ඉනිම් 157 ක් වැයවුණා.
 
අද (06) සිය එක්දින ක්රිකට් දිවියේ 153 වන ඉනිම ක්රියාත්මක කරන ශ්රී ලංකා නායකයාට උපුල් තරංග ව පසුකර යා හැකි වේවිද?

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sri lanka cricket
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More