Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්ත නායකයා වාර්තා 02 ක් තියයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව (24) පැවැති තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව එංගලන්තය මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්විය. 

එමෙන්ම එංගලන්ත කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අඛණ්ඩව 5 වන වරටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අවස්ථාවද මෙය වේ.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට ඔවුන් සමත්විය.

පාකිස්තාන ඉනිමේ ප්‍රධානම දායකත්වය ලබාදුන් Sahibzada Farhan ලකුණු 63ක් රැස් කළේය. 

මීට අමතරව Babar Azam සහ Fakhar Zaman ලකුණු 25 බැගින් රැස්කරමින් ඉනිම ශක්තිමත් කළහ.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් Liam Dawson කඩුලු 3ක් දවාගත්තේය.

ලකුණු 165ක ජය ඉලක්කයක් හඹාගිය එංගලන්තය කඩුලු 8ක් දැවී තරගයේ 19යි එක් පන්දුවකදී ඉලක්කය පසුකර යාමට සමත්විය.

නායකත්වයේ වගකීම දරා ඉනිමක් ක්‍රීඩා කළ Harry Brook සිය විස්සයි20 ජාත්‍යන්තර ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පළමු ශතකයද රැස් කළේය.

මෙම ශතකය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ශතකයක් රැස් කළ පළමු නායකයා ලෙසද සටහන්විය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More