Where the Life Meets Cricket

info@cricketlk.com

ලකුණු 28කින් ගිලිහුණු ලෝක වාර්තාවක්!

ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ අවුරුදු 147ක් පුරාවට අවස්ථා 3කදී පමණක් සිදුවුණු අතිශය දුර්ලභ වාර්තාවක් තමන්ගේ නමට ලියාගන්න අපේ තරුණ ක්රීඩකයන් දෙදෙනෙකුට එකම තරගයකදී අවස්ථාව ලැබුණා කියලා හිතන්නකෝ! 😱🇱🇰
 
ඒ තමයි සොනාල් දිනූෂ සහ පසිඳු සූරියබණ්ඩාර. ❤️🏏
🇮🇳 ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී තමන්ගේ 5 වැනි ටෙස්ට් තරගයට ක්රීඩා කළ සොනාල් දිනූෂ, ඉනිම් දෙකේදීම ශතක රැස් කරමින් විශිෂ්ට දක්ෂතාවක් දැක්වීමට සමත් වුණා.
💯 සොනාල් දිනූෂ
1️⃣ පළමු ඉනිම – 103
2️⃣ දෙවැනි ඉනිම – 133
මේ අතර පසිඳු සූරියබණ්ඩාර ක්රීඩා කළේ ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගයටයි.
ඒත් පසිඳුගේ පළමු ටෙස්ට් තරගය ගැන බැලුවොත්, ඔහු සාමාන්ය ක්රීඩකයෙකු ලෙස ටෙස්ට් පිටියට පිවිසුණේ මෙම තරගයේදී කියලා කියන්න පුළුවන්. මොකද ඔහුගේ පළමු තරගයේදී concussion substitute ක්රීඩකයෙකු ලෙස දෙවැනි ඉනිමේදී තමයි ජාත්යන්තර ටෙස්ට් පිටියට පිවිසුණේ.
කොහොම වුණත් මේ තරගයේදී පසිඳුත් ශතක දෙකකට ඉතාම ආසන්නයටම පැමිණියා. 😭
🏏 පසිඳු සූරියබණ්ඩාර
1️⃣ පළමු ඉනිම – 80
2️⃣ දෙවැනි ඉනිම – 92
විශේෂයෙන්ම දෙවැනි ඉනිමේදී ලකුණු 8කින් ශතකය මඟහැරීම නම් ඇත්තටම අපරාදයක්! 💔
පසිඳුට ඉනිම් දෙකේදීම ශතක ලබාගන්න හැකි වුණා නම්, එකම ටෙස්ට් තරගයකදී ක්රීඩකයන් දෙදෙනෙකුම ඉනිම් දෙකේදීම ශතක ලබාගත් ලෝක වාර්තාවට අපේ කොල්ලෝ දෙන්නාගේ නම්ත් එකතු වෙන්න තිබුණා. 🔥
මොකද ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ මේ දුර්ලභ දස්කම සිදුවී තිබෙන්නේ අවස්ථා තුනකදී පමණයි.
🇦🇺 Ian Chappell & Greg Chappell
නවසීලන්තයට එරෙහිව – 1974
🇵🇰 Azhar Ali & Misbah-ul-Haq
ඕස්ට්රේලියාවට එරෙහිව – 2014
🇱🇰 Dhananjaya de Silva & Kamindu Mendis
බංග්ලාදේශයට එරෙහිව – 2024
සොනාල් දිනූෂට ඉනිම් දෙකේම ශතක තිබුණා… 💯💯
පසිඳුටත් ඒ ශතක දෙක සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා නම්… 😱
🔥 ලෝක වාර්තා පොතේ එකම වාර්තාවක් යටතේ අපේ තරුණ කොල්ලෝ දෙන්නාගේ නම් එකට ලියවෙන්න තිබුණා!
වාර්තාව ලකුණු කිහිපයකින් මඟහැරුණත්, මේ තරුණ ක්රීඩකයන් දෙදෙනාගෙන් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් අනාගතයට ලැබෙන බලාපොරොත්තුව නම් සුළුපටු නැහැ! 🇱🇰❤️🏏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More