Where the Life Meets Cricket

info@cricketlk.com

කොදෙව් - සිම්බාබ්වේ තරගයේදී අලුත් වූ සියලු වාර්තා මෙන්න

සිම්බාබ්වේ පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ (23) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 107ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් සමත් විය.

මුම්බායි හිදී පැවති මෙම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 254ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ පන්දුවාර 17යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි.

කොදෙව්වන් රැස්කළ මෙම  254ක ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

එහි වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 260ක් රැස්කර තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂිම්රොන් හෙට්මියර් පන්දු 34ක් තුළ හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 7ක් සමඟින් ලකුණු 85ක් රැස්කළේය.

රොව්මන් පවෙල් පන්දු 35ක් තුළ හතරේ පහරවල් 4ක් සහ හයේ පහරවල් 4ක් සමඟින් ලකුණු 59ක් රැස්කළේය.

පන්දු යැවී‍මේදී සිම්බාබ්වේ කණ්ඩායමේ රිචඩ් ගරාවා සහ බෙලෙසින් මුසරබානි කඩුලු 2 බැගින් දවාගත්හ.

මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේ අපරාජිතයන් ලෙස සිටීමත් විශේෂත්වයක් විය.

පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම හයේ පහර (Sixes) සංඛ්යාවක් එල්ල කළ තරගය බවට බටහිර ඉන්දීය කොදෙව් – සිම්බාබ්වේ තරගය ඉතිහාසගත වනවා.
 
එම තරගයේ දී කණ්ඩායම් දෙක විසින් හයේ පහරවල් (Sixes) 31 ක් එල්ල කර තිබෙනවා.
 
මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයක් සහිතව ජයගත් තරගයේ වාර්තාව තමන් සතුකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (23) සමත් වුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More
Oman-vs-Zimbabwe-T20-World-Cup-Cricket-1-Sikandar-Raza
Read More