ජාත්‍යන්තර පන්දුවාර 20 තරග ආකෘතිය තුළ ලකුණු 3,000 සීමාව වේගයෙන්ම පසුකර ගිය පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායම් නායක සූර්යකුමාර් යාදව් ඊයේ (31) සමත් වුණා.
ඒ, නවසීලන්තයට එරෙහි පස්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අතරතුරදීයි.
ඔහුට මෙම කඩයිම පසුකර යෑමට වැයවූයේ ජාත්‍යන්තර පන්දුවාර 20 ඉනිම් 98 ක් පමණයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මුහම්මද් වසීම් වීම ද විශේෂත්වයක්.
සූර්යකුමාර් යාදව් නවසීලන්තයට එරෙහි පන්දුවාර 20 තරගාවලියේදී නැවතත් දක්ෂතා අතරට පිවිසීමට සමත් වුණා.
එය ලබන 07 වනදා ආරම්භ වන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතාමත් වැදගත් වනු ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.