සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 12,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ ඊයේ (30) පැවති එංගලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 තරගය අතරතුරදීයි.
ඔහුට ඒ සඳහා වැයවූයේ ජාත්‍යන්තර ඉනිම් 384 ක් පමණක් වීම ද විශේෂත්වයක්.
කුඩල් මෙන්ඩිස් මෙම කඩයිම පසුකර ගිය 09 වන ශ්‍රී ලංකා පිතිකරුවා ද වනවා.
අවම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 13,000 සීමාව පසුකර ගිය ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ කුමාර් සංගක්කාර යි.
ඒ සඳහා ඔහුට වැය වී ඇත්තේ ජාත්‍යන්තර ඉනිම් 290 ක් පමණයි.






