සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළුබඳුන පස්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී එංගලන්ත පිතිකරු ජෝ රූට් විශිෂ්ට දක්ෂතා දැක්වූවා
ඒ අනුව, රූට් එහිදී ලකුණු 160 ක් රැස්කළා.
ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම ශතක ලාභීන් අතර ඔහු පසුවන්නේ 04 වන ස්ථානයේයි.
මේ වනවිට රූට් ජාත්‍යන්තර ටෙස්ට් ශතක 41 ක් රැස්කරගෙන සිටිනවා.
ඔහුට එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින සචින් තෙන්ඩුල්කාර් පසුකර යෑමට අවශ්‍ය වන්නේ තවත් ටෙස්ට් ශතක 11 ක් පමණයි.
එමෙන්ම රූට් ටෙස්ට් තරග රටාව තුළ වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 150+ සීමාව පසුකර ගිය පිතිකරුවන් අතර 05 වන ස්ථානයේ රැඳී සිටිනවා.
ඒ 150 + අවස්ථා 17 ක් වාර්තා කරමිනි.
ඔහුට එම ලැයිස්තුවේ පළමු වැන්නා වීමට අවශ්‍ය වන්නේ තවත් 150 + ලකුණු සංඛ්‍යා 04 ක් පමණයි.
ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් අතර ජෝ රූට් 02 වන ස්ථානයේ පසුවනවා.
නුදුරේදීම ඔහු සචින් තෙන්ඩුල්කාර් පසුකර යමින් එම ලැයිස්තුවේ පළමු වැන්නා බවට පත්වනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් මත පළ කරනවා.
One Response
හරිම දක්ෂයෙක්