එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගවලදී වැඩිම ලකුණු රැස්කළ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට ස්ටීව් ස්මිත් අද (27) සමත් වුණා.
ඒ බොක්සිං දින ටෙස්ට් තරගය අතරතුරදීයි.
එංගලන්තයට එරෙහිව ටෙස්ට් ඉනිම් 72 කට ක්‍රීඩා කර ඇති ස්මිත් එහිදී ලකුණු 3,553 ක් රැස්කර තිබෙනවා.
මීට පෙර එම ස්ථානයේ රැඳී සිටියේ ඔස්ට්‍රේලියා හිටපු පිතිකරු ඇලන් බෝඩර් විසිනි.
ඔහු මීට පෙර එංගලන්තයට එරෙහිව ටෙස්ට් ඉනිම් 82 කදී ලකුණු 3,548 ක් රැස්කර තිබුණා.
එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඔස්ට්‍රේලියා හිටපු විශිෂ්ට පිතිකරු ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් වීම ද විශේෂත්වයක්.
ඔහු එංගලන්තයට එරෙහිව ටෙස්ට් ඉනිම් 63 කට ක්‍රීඩාකර ඇති අතර එහිදී ලකුණු 5,028 රැස්කර තිබුණා.
One Response
Steve smith kiyanne real gentleman kenek.. lankawe ewun wage pada show daana Aya newei….