ලෝරා වොල්වාර්ඩ් පිතිකාරිණියන්ගේ පළමු ස්ථානයට
ICC නවතම එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් සමත් වී තිබෙනවා.
ඒ මීට පෙර පළමු ස්ථානයේ රැඳී සිටි ස්මිත්‍රි මන්ධනා පසුකර යමිනුයි.
ලෝරා වොල්වාර්ඩ් පසුගියදා නිමාව දුටු කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වුණා.
එහිදී ඇය තරග 09 කදී ලකුණු 571 ක් රැස්කළා.
මෙය සැළකෙන්නේ එක් කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී පිතිකාරිණියක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.
මීට පෙර එම වාර්තවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියා නායිකා ඇලීසා හේලී විසිනි.
ඊට අමතරව ලෝරා වොල්වාර්ඩ් අවසන් පූර්ව තරගයේදී සහ අවසන් මහා තරගයේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.
Share This Post
Post a comment

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී...

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තාමෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ගෙන් ලෝක වාර්තාවක්
කාන්තා ටෙස්ට් තරග ඉතිහසයේ අඛණ්ඩව ඉනිම්...

අද තරගයේදී ලාංකිකයන්ගේ සහයත් පකිස්ථානයට ?විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට...

ඉන්දියාවේ Semi Final බලාපොරොත්තු යළිත් අලුත් වෙයි
බ්‍රහස්පතින්දා වන තෙක් ඉන්දියාවට පන්දු වාර 20 ලෝක කුසලාන...

එංගලන්ත නායකයා වාර්තා 02 ක් තියයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව...

සති 02 කදී පැතුම් – කුසල් – කමිඳු පෙරමුණටම
2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
මෙතෙක්...
No posts found


