Where the Life Meets Cricket

info@cricketlk.com

කාන්තා ලෝක කුසලානයේ තරග රැසක් 'වැස්සට හේදී ගියේ' ඇයි ?

ලෝක කුසලානයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වසර 4ක් බලා සිටිය ද, ශ්‍රී ලංකාවේ තරගවලට සහභාගි වන කණ්ඩායම් රැසකට මේ වන විට සිදුව ඇත්තේ ක්‍රීඩා කිරීමට නොව වැස්ස දෙස බලා සිටීමට ය.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 9න් 5කට මේ වන විට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබේ. දැනට තරග තුනක් ඩක්වත් සහ ලුවිස් ක්‍රමවේදය ඔස්සේ නිමාවට පත්වූ අතර, තරග 4ක් ම ජය පරාජයෙන් තොරව අවසන් විය.

එංගලන්තයේ හිටපු දඟ පන්දු යවන්නියක වූ ඇලෙක්ස් හාර්ට්ලි පවසන්නේ, වැසි තත්ත්වය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය “විනාශ” කර ඇති බව ය.

“මේ ලෝක කුසලානය විනාශ කළා – ඒක ඇත්තට ම ලැජ්ජාවක්,” බීබීසී රේඩියෝ 5 ලයිව් වැඩසටහනට එක්වෙමින් ඇය ප්‍රකාශ කළා ය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති තරග 5න් 4ක් ම අවසන් ප්‍රතිඵලයකින් තොරව අත්හැර දැමීමට සිදුවූ අතර, ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙක අතර බෙදී ගියේ ය.

වර්ෂාවෙන් බාධා එල්ල වූ එක් තරගයක් ඩක්වත් සහ ලුවිස් ක්‍රමය ඔස්සේ ජය පරාජය තීරණය කෙරිණි.

ඇලෙක්ස් හාර්ට්ලි ශ්‍රී ලංකාවේ වැස්ස සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා ය.

“මම මීට අවුරුදු 10කට කලින් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. එහිදී අපගේ හැම පුහුණු සැසියකට ම හවස් කාලයේ වැස්සෙන් බාධා සිද්ධ වුණා.”

“ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දහවල් තරග ලෙස පවත්වන්න තිබුණා. වැස්සෙන් බලපෑමක් නැතිව තරගාවලිය පවත්වන්න තිබුණ එක ම ක්‍රමය ඒක,” ඇලෙක්ස් හාර්ට්ලි පවසයි.

මෙම තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවක වූ ඩිලානි මනෝදරා ද බීබීසී සිංහල සේවයට පැවසුවේ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දිවා තරග ලෙස පැවැත්විය යුතුව තිබූ බව ය.

“ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට වහිනවනෙ සාමාන්‍යයෙන්. ඒ ගැන කල්පනා කරලා මේ තරග දිවා තරග විදිහට පවත්වන්න තිබුණා. එහෙම වුණා නම් මීට වඩා තරග පවත්වන්න තිබුණා. අවුරුදු 4ක් බලාගෙන ඉඳලා මෙහෙම තරගාවලියක් වැස්සෙන් හේදිලා යන එක අපරාධයක්.”

මෙම තරගාවලියට ක්‍රීඩා කරන ඇතැම් ක්‍රීඩිකාවන්ට තවත් වසර 4කින් පැවැත්වෙන මීළඟ තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වී යාමට ද ඉඩ තිබේ.

පකිස්ථානය සහ නවසීලන්තය අතර කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද, වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය විමසා බැලීමකින් තොරව ම අත්හැර දැමීමට සිදු විය.

ඒ සම්බන්ධයෙන් නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් දැඩි කලකිරීමකින් කතා කළා ය.

“ඒක හරි ම කලකිරීමක්. අවංකව ම කියන්නම්,ලෝක කුසලානයක් එනකම් අවුරුදු හතරක් බලාගෙන ඉඳලා වැස්ස නිසා අපි පීඩාවට පත්වුණා.”

“අනාගත තරගාවලි සංවිධානය කිරීමේදී, උදේ වරුවේ තරග ආරම්භ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හවස වැස්ස එනවා අපි දැකලා තියෙනවා, ඒ නිසා උදේ 10 හෝ 11ට තරග ආරම්භ කළ යුතු යි. තරගයක්, වැස්සෙන් යට වෙන එක මට ඇත්තට ම ලැජ්ජාවක්.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි, මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ, ඉන්දියාව යි.

එහෙත්, තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ, පකිස්ථානය ඉන්දියාවේ තරගවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ය.

“පකිස්ථානය ඉන්දියාවට යන්න අකමැති නිසයි පකිස්ථානය ක්‍රීඩා කරන තරග සහ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරග ශ්‍රී ලංකාවේ පවත්වන්න තීරණය කළේ. ඉන්දියාවේ මේ දවස්වල වැස්සෙන් බාධාවක් නෑ. අපේ රටේ තමයි මේ ප්‍රශ්නය ආවේ,” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකා ඩිලානි මනෝදරා ද පැවසුවේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කාන්තා ක්‍රිකට් සඳහා අඩු සැලකිල්ලක් දක්වන බව පිළිගත නොහැකි බව ය.

“මෙතන මම දකින එක ම වරද තමයි, ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය ගැන එතරම් සැලකිල්ලක් දක්වලා නැති එක. ඉදිරි තරගාවලිවලදී ඒ ගැන සැලකිලිමත් විය යුතු යි. නැත්නම් අවුරුදු 4කට සැරයක් එන මේ වගේ වැදගත් ම තරගාවලියක් වැස්සට හේදිලා යන එක අපරාධයක්.”

(BBC Sinhala)

 

Share This Post

Post a comment

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More