Where the Life Meets Cricket

info@cricketlk.com

කාන්තා WPL වෙන්දේසියේ වැඩිම මිලට අලෙවි වූ ක්‍රීඩිකාව සොෆී මොලිනියු

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සොෆී මොලිනියු, 2027 ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා.

💰 ඉන්දීය රුපියල් කෝටි 1.1කට (ඕස්ට්‍රේලියානු ඩොලර් 164,000ක් පමණ) ඇය මිලදී ගැනීමට ලක්නව් නගරය පදනම් කරගත් UP Warriorz කණ්ඩායම සමත් වුණා.

🏏 වෙන්දේසියේදී මොලිනියුගේ මූලික මිල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වුණත්, Royal Challengers Bengaluru සහ UP Warriorz කණ්ඩායම් අතර පැවති තරගකාරී ලංසු තැබීම හේතුවෙන් ඇයගේ මිල දෙගුණයකටත් වඩා ඉහළ ගියා.

👑 විශේෂත්වය වන්නේ ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ නායිකාව වුවත්, WPL තරගාවලියේදී ඇයට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ හිටපු ඔස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින්ගේ නායකත්වය යටතේ වීමයි.
 
2027 ජනවාරි 14 සිට පෙබරවාරි 7 දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේදී UP Warriorz කණ්ඩායම මෙහෙයවන්නේ ලැනින් විසිනුයි.
 
🔥 මොලිනියුට අමතරව ප්‍රහාරාත්මක තුන් ඉරියව් ක්‍රීඩිකා ග්‍රේස් හැරිස් ද ඩොලර් 45,000ක මිලකට UP Warriorz කණ්ඩායම මිලදී ගත්තා. ඒ අනුව ෆීබි ලිච්ෆීල්ඩ් ද ඇතුළුව ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු එම කණ්ඩායමට එක්ව සිටිනවා.

💥 මෙවර WPL තරගාවලියේ වැඩිම වටිනාකමක් හිමි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව වන්නේ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායිකා ඈෂ් ගාඩ්නර්යි. ඇය ඩොලර් 523,000ක මුදලකට කණ්ඩායම තුළ රඳවාගෙන තිබෙනවා.

🏏 වෙන්දේසියට ඉදිරිපත් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් 11 දෙනාගෙන් අලෙවි වී ඇත්තේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් වීමත් විශේෂත්වයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *