ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා සොෆී මොලිනියු, 2027 ඉන්දීය කාන්තා ප්රිමියර් ලීග් (WPL) ක්රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්රීඩිකාව බවට පත්ව තිබෙනවා.
💰 ඉන්දීය රුපියල් කෝටි 1.1කට (ඕස්ට්රේලියානු ඩොලර් 164,000ක් පමණ) ඇය මිලදී ගැනීමට ලක්නව් නගරය පදනම් කරගත් UP Warriorz කණ්ඩායම සමත් වුණා.
🏏 වෙන්දේසියේදී මොලිනියුගේ මූලික මිල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වුණත්, Royal Challengers Bengaluru සහ UP Warriorz කණ්ඩායම් අතර පැවති තරගකාරී ලංසු තැබීම හේතුවෙන් ඇයගේ මිල දෙගුණයකටත් වඩා ඉහළ ගියා.
👑 විශේෂත්වය වන්නේ ඔස්ට්රේලියානු ජාතික කණ්ඩායමේ නායිකාව වුවත්, WPL තරගාවලියේදී ඇයට ක්රීඩා කිරීමට සිදුවන්නේ හිටපු ඔස්ට්රේලියානු නායිකා මෙග් ලැනින්ගේ නායකත්වය යටතේ වීමයි.
2027 ජනවාරි 14 සිට පෙබරවාරි 7 දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේදී UP Warriorz කණ්ඩායම මෙහෙයවන්නේ ලැනින් විසිනුයි.
🔥 මොලිනියුට අමතරව ප්රහාරාත්මක තුන් ඉරියව් ක්රීඩිකා ග්රේස් හැරිස් ද ඩොලර් 45,000ක මිලකට UP Warriorz කණ්ඩායම මිලදී ගත්තා. ඒ අනුව ෆීබි ලිච්ෆීල්ඩ් ද ඇතුළුව ඔස්ට්රේලියානු ක්රීඩිකාවන් සිව්දෙනෙකු එම කණ්ඩායමට එක්ව සිටිනවා.
💥 මෙවර WPL තරගාවලියේ වැඩිම වටිනාකමක් හිමි ඔස්ට්රේලියානු ක්රීඩිකාව වන්නේ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායිකා ඈෂ් ගාඩ්නර්යි. ඇය ඩොලර් 523,000ක මුදලකට කණ්ඩායම තුළ රඳවාගෙන තිබෙනවා.
🏏 වෙන්දේසියට ඉදිරිපත් වූ ඔස්ට්රේලියානු ක්රීඩිකාවන් 11 දෙනාගෙන් අලෙවි වී ඇත්තේ ක්රීඩිකාවන් තිදෙනෙකු පමණක් වීමත් විශේෂත්වයක්.