Where the Life Meets Cricket

info@cricketlk.com

T20 පිටියේ ලංකාවේ වැඩිම ලකුණු ගැහූ 'සුපිරි 5 දෙනා' අතරට දසුන් ශානක

හිටපු නායක දසුන් ශානක තමන්ගේ සුපිරි පිතිකරණ දක්ෂතාවය නිසාම සමස්ත විස්සයි-විස්ස (T20) ක්රිකට් ඉතිහාසයේ ශ්රී ලංකාව වෙනුවෙන් අතිදැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.
 
අද දින ​තමන් ලබාගත් සුපිරි අර්ධ ශතකයත් සමඟ, ශ්රී ලංකාව වෙනුවෙන් සමස්ත T20 තරඟ රටාවලදී (ජාත්යන්තර සහ ලීග් තරඟ ඇතුළුව) වැඩිම ලකුණු රැස්කළ 5 වැනි ශ්රී ලංකා පිතිකරු බවට පත්වීමට දසුන් ශානක අද සමත් වුණා.
 
​මෙතෙක් ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවූ ප්රහාරාත්මක පිතිකරු තිලකරත්න දිල්ශාන් (ලකුණු 5193) සහ දිනේෂ් චන්දිමාල් (ලකුණු 5183) යන ජ්යෙෂ්ඨ ක්රීඩකයින් දෙදෙනාවම පසුකර යමින් දස්සා මේ ලබාගත් ජයග්රහණය සැබවින්ම අගය කළ යුතුයි.
 
විස්සයි-විස්ස තරඟ රටාවක පිතිකරුවෙකුට ලකුණු අතරට එන්න අමාරුම වගේම පීඩනය උපරිම ස්ථානයක් තමයි අංක 06 කියන්නේ. අන්න ඒ අසීරුම ස්ථානයේ ක්රීඩා කරලා මුළු මහත් ලෝක ක්රිකට් ඉතිහාසයම තමන්ගේ නමට ලියාගන්න හිටපු නායක දසුන් ශානක අද සමත් වෙලා තියෙනවා.
 
​T20I පිටියේ අංක 06 ස්ථානයෙන් ලකුණු 1000 සීමාව පසුකළ ලෝකයේ පළමු සහ එකම ක්රීඩකයා බවට දසුන් ශානක නිල වශයෙන්ම පත් වුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

451103-west-indies
Read More
Impact-Player
Read More
Highlights (11)
Read More