ශ්
රී ලංකා ටෙස්ට් ක්
රිකට් පිටියේ කෙටි කාලයක් තුළ විශිෂ්ට දස්කම් දැක්වූ සොනාල් දිනූෂ, 2026 අගෝස්තු මාසය සඳහා වන ICC Men’s Player of the Month සම්මානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

සොනාල්ට මෙම සම්මානය හිමිවන්නේ ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු වරට වීම විශේෂත්වයක්.

ඉන්දියාවට එරෙහිව ශ්
රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේදී සොනාල් දැක්වූ විශිෂ්ට දස්කම් මෙම සම්මානය සඳහා ප්
රධාන හේතුවක් වී තිබෙනවා.
තරගාවලියට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග තුනකට පමණක් ක්‍රීඩා කර තිබූ ඔහු, ඉන්දියාවට එරෙහි තරග දෙකේදී ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාව ලකුණු 165කින් ජයගත්තත්, සොනාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී ඉනිම් දෙකක් ක්‍රීඩා කළා.
පළමු ඉනිමේදී ලකුණු 100ක් රැස් කළ ඔහු, දෙවැනි ඉනිමේදී ලකුණු 84ක් ලබාගත්තා.
දෙවැනි ටෙස්ට් තරගයේදීත් ඔහු සිය විශිෂ්ට දස්කම් අඛණ්ඩව පවත්වාගෙන යමින් පළමු ඉනිමේදී ලකුණු 103ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 133ක් රැස් කළා. එම ඉනිම ශ්‍රී ලංකාවට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

එම තරගයේ තරගයේ වීරයා සම්මානයද හිමිවූයේ සොනාල් දිනූෂටයි.
සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සොනාල් සඳහන් කර තිබුණේ, තම ක්‍රිකට් දිවියේ මෙතරම් මුල් අවධියකදීම මෙවැනි ජාත්‍යන්තර ඇගයීමක් ලැබීම තමන්ට විශේෂ අවස්ථාවක් බවයි.

ඉන්දියාවට එරෙහි තරගාවලිය තම හදවතේ සදා විශේෂ ස්ථානයක් ගන්නා බවත්, ශතක තුනක් රැස් කිරීමට හැකිවීම තම සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනුණු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම ගාල්ලේ සහ කොළඹදී ශ්
රී ලාංකික ප්
රේක්ෂකයන් ඉදිරියේ එම දස්කම් දැක්වීමට හැකිවීම තවත් විශේෂ අත්දැකීමක් බවයි සොනාල් පවසන්නේ.

තරගාවලියේ සමස්ත ප්‍රතිඵලය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආකාරයට නොවුණත්, දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායම දැක්වූ සටන්කාමීත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් සොනාල්, ටෙස්ට් අත්දැකීම් තවමත් සීමිත වුවත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත දායකත්වයක් ලබාදීමට සමත්ව සිටිනවා.
තමන්ගේ මෙම ජයග්‍රහණය පිටුපස සිටි දෙමව්පියන්, කණ්ඩායමේ සගයින්, පුහුණුකරුවන්, මිතුරන් ඇතුළු තමන්ට සහයෝගය ලබාදුන් සියලු දෙනාද සොනාල් මෙහිදී ආදරයෙන් සිහිපත් කර තිබෙනවා.

“මෙය මගේ තනි ජයග්
රහණයක් නොවෙයි. මගේ ගමනට සහයෝගය දැක්වූ සියලු දෙනාටම මේ ජයග්
රහණය අයිතියි.”