Where the Life Meets Cricket

info@cricketlk.com

ICC ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ ආරංචි දෙකක්

🚨 ICC ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ ආරංචි දෙකක්! 🇱🇰🔥

🏏 **ටෙස්ට් පන්දු යවන්නන් අතර අසිත ප්‍රනාන්දු 12 වන ස්ථානයට!**

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 12 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත්ව තිබෙනවා. 😮

විශේෂත්වය වන්නේ පසුගියදා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 100 සීමාව පසුකර යෑමටත් අසිත සමත් වීමයි.

නියමයි අසියා! අපේ ටෙස්ට් වේග පන්දු බලඇණියේ ප්‍රබලම තුරුම්පුවක්! ❤️

🔥 **කුසල් මෙන්ඩිස් යළිත් එක්දින පිතිකරුවන් අතර මුල් 10ට!**

නවතම ICC එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 9 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. 👏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *