2026 ICC පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වුණා.
ඒ අනුව, තරගාවලියේ සමාරම්භක දිනය වන අද දිනයේ දී තරග 03 ක් පැවැත්වුණා.
ඒ අනුව, තරගාවලියේ පළමු තරගය ලෙස A කාණ්ඩයේ නෙදර්ලන්තය සහ පකිස්ථානය අතර තරග කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා.
එහිදී තියුණු තරගයකින් පසුව කඩුලු 03 ක ජයක් පකිස්ථානයට හිමිවුණා.
දිනයේ දෙවන තරගය ලෙස C කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ස්කොට්ලන්තය කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් හීදී තරග බිමට පිවිසුණා.
එහිදී ලකුණු 35 ක ජයක් වාර්තා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසිනි.
මෙම තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් (Hat – Trick) වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක රොමාරියෝ ශෙපර්ඩ් සමත් වුණා.
එමෙන්ම ජේසන් හෝල්ඩර් බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරග රටාව තුළ කඩුලු 100 ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට ද පත්වුණා.
මුම්බායි නුවර වන්කඩේ හීදී ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය A කාණ්ඩයෙන් තරග බිමට ප්රවිශ්ට වුණා.
එහිදී ලකුණු 29 ක ජයක් වාර්තා කළේ ඉන්දීය කණ්ඩායමයි.