Where the Life Meets Cricket

info@cricketlk.com

Galle Gallants, BPL සමග එක්වෙන්න යයි

ලංකා ප්රිමියර් ලීග් ශූරතාව දිනාගත් ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම, බංග්ලාදේශ ප්රිමියර් ලීග් හෙවත් බීපීඑල් තරගාවලියටත් එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
 
ගැලන්ට්ස් කණ්ඩායමේ ප්රධාන වාණිජ නිලධාරී ශරත් ශ්රීරාමෝජු කියලා තියෙන්නේ, බීපීඑල් ෆ්රැන්චයිස් එකක් ලබාගෙන බංග්ලාදේශ තරගාවලියට එක්වෙන්න ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
 
ඒ වෙනුවෙන් බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය සහ බීපීඑල් පාලක සභාව සමඟ දැනටමත් සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා.
 
මේක සාර්ථක වුණොත්, විදේශීය ෆ්රැන්චයිස් හිමිකාරීත්වයක් බීපීඑල් තරගාවලියට එක්වන ඉතිහාසගත අවස්ථාවක් බවට පත්වෙන්න පුළුවන්. 🏏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *