Where the Life Meets Cricket

info@cricketlk.com

Colombo KAPS නායකත්වය කුසල් මෙන්ඩිස්ට ?

එළඹෙන 2026 ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියේදී කොළඹ ප්රැන්චයිස් කණ්ඩායම වන ‘කලම්බු කැප්ස්’ (Colombo KAPS) කණ්ඩායමේ නායකත්වය ශ්රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්වාසකටයුතු ක්රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පසුගිය වසරේදී නව හිමිකාරිත්වයක් යටතට පත්වෙමින් ‘Colombo KAPS’ ලෙස ප්රතිසංවිධානය වූ මෙම කණ්ඩායම, මෙවර තරගාවලිය සඳහා ප්රබල නායකත්වයක් සොයමින් සිටි අතර, ඒ සඳහා ඔවුන්ගේ ප්රධානතම අවධානය කුසල් මෙන්ඩිස් වෙත යොමුවී ඇති බව වාර්තා වේ.
 
මෑතකාලීනව ජාත්යන්තර මෙන්ම දේශීය විස්සයි20 පිටියේද කුසල් දැක්වූ දක්ෂතා සහ ඔහුගේ නායකත්ව අත්දැකීම් මෙම තීරණයට ප්රධාන හේතුව වී ඇත.
 
මෙවර 6 වැනි වරටත් පැවැත්වෙන LPL තරගාවලිය එළඹෙන ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර මැයි 23 වැනිදා ක්රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) සිදුකිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
 
කලම්බු කැප්ස් කණ්ඩායමේ නිල නායකත්වය පිළිබඳව ඉදිරියේදී ඔවුන් විසින් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *