Where the Life Meets Cricket

info@cricketlk.com

Colombo Kaps නව හිමිකාරිත්වයක් යටතට

මෙවර ලංකා ප්රිමියර් ලීග් (LPL 2026) තරඟාවලිය ආරම්භ වෙන්න කලින්ම කොළඹ කණ්ඩායම පැත්තෙන් ලොකු පෙරළියක් වෙලා තියෙනවා.
 
කලින් Colombo Strikers ලෙස හඳුන්වපු, මෙවර Colombo Kaps නමින් තරඟ වදින කණ්ඩායමේ අයිතිය අද (මැයි 19) සිට “Witness Sports Alliance LLC” ආයතනය සතු වන බව IPG Global ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.
 
​ඩුබායි ව්යාපාරික මුර්ෆාඩ් මුස්තාෆාගෙන් පසුව, සරණ්යන් පලනිස්වාමි සහ කේ.සී. ශ්යාම් කන්ගායන්ගේ නායකත්වයෙන් යුත් මෙම නව හිමිකාරිත්වය කොළඹ කණ්ඩායම නවීන සහ ශක්තිමත් කණ්ඩායමක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා.
 
මෙවර ලංකා ප්රිමියර් ලීග් (LPL 2026) ක්රීඩක වෙන්දේසියට පෙර, කණ්ඩායම් 5 විසින් තමන් සෘජුවම රඳවා තබාගත් ප්රමුඛ පෙළේ දේශීය ක්රීඩකයින් 10 දෙනාගේ නිල ලැයිස්තුව මෙන්න:
 
🐝 Dambulla Sixers: දුෂ්මන්ත චමීර, දිනේෂ් චันදිමාල්
👑 Jaffna Kings: දුනිත් වෙල්ලාලගේ, භානුක රාජපක්ෂ
⚔️ Galle Gallants: දසුන් ශානක, ඒෂාන් මාලිංග
🦅 Kandy Falcons: වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්
🦁 Colombo Kaps: කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්
 
​සමස්තයක් විදිහට බැලුවොත් හැම කණ්ඩායමක්ම අත්දැකීම් සහ වත්මන් දක්ෂතාවය (Form) සමබර කරගන්න උත්සාහ කරලා තියෙනවා.
 
විශේෂයෙන්ම Colombo Kaps එක මෙන්ඩිස්ලා දෙන්නවම (කුසල් සහ කමිඳු) එකතු කරගැනීම සහ Galle Gallants එක මේ දවස්වල උපරිම ෆෝම් එකේ ඉන්න ඒෂාන් මාලිංගව කලින්ම තෝරාගැනීම කැපී පෙනෙනවා!

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *