ඩෙවොන් කොන්වේ ගෙන් ද්විත්ව ශතකයක්

ඩෙවොන් කොන්වේ ගෙන් ද්විත්ව ශතකයක් නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට අද (19) සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් තරගය අතරතුරදීයි. පන්දු 367 කට මුහුණ දුන් ඔහු එහිදී ලකුණු 227 ක් රැස්කළා. ඊට හතරේ පහරවල් 31 ක් ඇතුළත්. Share This Post Post a comment
වාර්තා අතරට ගිය ඩෙවෝන් කොන්වේ සහ ටොම් ලෙතම්

වාර්තා අතරට ගිය ඩෙවෝන් කොන්වේ සහ ටොම් ලෙතම් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්ත ආරම්භක පිතිකරණ යුගලය වන Devon Conway සහ Tom Latham වාර්තා අතරට එක්වුණා. ඒ නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු නවසීලන්තයේදී පැවති ටෙස්ට් තරගයේදී රැස්කළ වැඩිම ලකුණු සබදතාවයේ වාර්තාව තමන් සතුකර ගනිමිනි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 323 ක සබඳතාවයක් ගොඩ නැගුවා. පළමු දිනය […]
T20 ලෝක කුසලානය ආසියාව වටා රැගෙන යාම ආදම්ගේ පාලමෙන් ඇරඹෙයි

T20 ලෝක කුසලානය ආසියාව වටා රැගෙන යාම ආදම්ගේ පාලමෙන් ඇරඹෙයි ‘2026 විස්සයි20’ ලෝක කුසලානයේ ශූරයින්ට හිමිවන කුසලානය ආසියාව වටා රැගෙන යාම ආදම්ගේ පාලම (රාම් සේතු) මතින් නිල වශයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, ඒ අනුව දෙරටම සම්බන්ධ කරන සංකේතාත්මක දොරටුවක් ලෙසින් පිළිගැනෙන ආදම්ගේ පාලම මේ සඳහා තෝරාගෙන […]
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයට

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කර ඇත. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල මාධ්‍ය නිවේදනයකින් මෙම පත්වීම නිවේදනය කරන ලද අතර, එමඟින් පස් දෙනෙකුගෙන් යුත් නව ජාතික තේරීම් කමිටුවක් පිහිටුවා ඇති බව තහවුරු විය. […]
IPL වෙන්දේසිය : මතීෂ කෝටි 18කට / නිස්සංක කෝටි 4 කට / වනිඳු කෝටි 2 කට අලෙවි වෙයි

IPL වෙන්දේසිය : මතීෂ කෝටි 18කට / නිස්සංක කෝටි 4 කට / වනිඳු කෝටි 2 කට අලෙවි වෙයි අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ […]
සිඩ්නි ප්‍රහාරයෙන් විපතට පත් අයට ක්‍රිකට් ක්‍රීඩකයන් රුධිරය පරිත්‍යාග කරයි

සිඩ්නි ප්‍රහාරයෙන් විපතට පත් අයට ක්‍රිකට් ක්‍රීඩකයන් රුධිරය පරිත්‍යාග කරයි බොන්ඩායි බීච් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ඔස්ටේ්‍රලියා සහ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් උපහාර දක්වා ඇත. ඔස්ටේ්‍රලියා නායක පැට් කමින්ස් ජනතාවගෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ද ඉල්ලා සිටී. ඊයේ (ඉරිදා) සවස යුදෙව් නිවාඩු දිනය වන හනුක්කා හි පළමු රාත්‍රිය සැමරීම සඳහා රැස්ව සිටි පිරිසට පිය-පුතු තුවක්කුකරුවන් […]
19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8 ක ජයක් 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ නේපාල 19 න් පහළ කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8 ක ජයක් අත්විය. ඩුබායි හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 28.5 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 82 ක් […]
03 වන ටෙස්ට් තරගයට කවාජා සූදානම්

03 වන ටෙස්ට් තරගයට කවාජා සූදානම් ඇඩිලේඩ් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට පෙර තමා 100% ක් යෝග්‍ය බව උස්මාන් කවාජා ප්‍රකාශ කර ඇත. පර්ත් හි ඇති වූ පිටේ කැක්කුමෙන් සුවය නොලබන බැවින් කවාජා බ්‍රිස්බේන් හි පැවති දෙවන ටෙස්ට් තරගය මඟ හැරියේය. “පැහැදිලිවම ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා,” ඔහු දෙසැම්බර් 17 වන දින අළු බඳුන […]
කුසල් මෙන්ඩිස් ILT20 තරගාවලියෙන් ඉවත්වෙයි

කුසල් මෙන්ඩිස්ගේ රසිකයන්ට කණගාටුදායක පුවතක් රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව තිබේ. උදරය ආශ්‍රිත ශල්‍ය කර්මයක් හේතුවෙන් මෙලෙස ඔහු තරගාවලියෙන් සතියක කාලයක් ඉවත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්. කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ සාජා වොරියස් කණ්ඩායම නියෝජනය කරනු […]
ICC T20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි

ICC T20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද (11) ආරම්භ වුණා. ඒ අනුව ශ්‍රී ලංකා සහ ඉන්දියා ප්‍රේක්ෂකයන්ට පස්වරු 6.45 සිට ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට අවස්ථාව හිමි ව තිබෙනවා. ICC ය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට […]