2027 World Test Championship (WTC) අවසන් මහා තරගයේ ස්ථානයක් ලබා ගැනීමේ සටන මේ වනවිට ශ්
රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව තිබෙනවා.
WTC ප්
රසාද ලකුණු සටහනේ මේ වනවිට 6 වැනි ස්ථානයේ පසුවන ශ්
රී ලංකාවට ඉදිරියේදී තවත් ටෙස්ට් තරග 8ක් ක්
රීඩා කිරීමට නියමිතයි.
එම තරග 8 අතරින් ජයග්
රහණ 5ක් සහ ජය පරාජයෙන් තොර තරග 2ක් ලබා ගැනීමට හෝ ජයග්
රහණ 6ක් ලබා ගැනීමට හැකි වුණොත්, අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ සටනේ ශ්
රී ලංකාවට ඉතා ශක්තිමත් ස්ථානයකට පැමිණීමට හැකියාව තිබෙනවා.

හැබැයි ඒ ගමනේ පළමු සහ විශාලතම අභියෝගය දැනටමත් අපි ඉදිරියේ තියෙනවා.
ඒ තමයි… ඉන්දියාව.

WTC ප්
රසාද ලකුණු සටහනේ ශ්
රී ලංකාවට ඉහළින් 5 වැනි ස්ථානයේ සිටින ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක තරගාවලිය.
මේක තවත් එක් සාමාන්
ය ටෙස්ට් තරගාවලියක් නෙවෙයි.
WTC අවසන් සටනේ සිහිනය රැකගන්න නම්, ඉන්දියාවට එරෙහිව ශ්
රී ලංකාව තමන්ගේ ශක්තිය පෙන්විය යුතුම තරගාවලියක්.


ශ්
රී ලංකාව මේ වනවිට WTC යටතේ තරග 4කට ක්
රීඩා කර තිබෙනවා.

ජයග්
රහණ 1යි

පරාජය 1යි

ජය පරාජයෙන් තොර තරග 2යි
ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන සෑම ටෙස්ට් තරගයක්ම ශ්
රී ලංකාවට අතිශය වැදගත්.
විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහි තරගාවලිය ශ්
රී ලංකාවේදීම පැවැත්වීම අපේ කණ්ඩායමට විශාල වාසියක් වෙන්න පුළුවන්.


ඉන්දියාව කියන්නේ ලෝක ටෙස්ට් ක්
රිකට් ක්
රීඩාවේ දැවැන්ත බලවේගයක්.
ඒත් මේ අපේ රටේදී… අපේ ප්
රේක්ෂකයන් ඉදිරියේ… අපේ කොල්ලන්ට තමන්ගේ හැකියාව පෙන්වන්න තියෙන අවස්ථාවක්.

WTC අවසන් මහා තරගය දක්වා යන ගමනේදී, ඉන්දියාවට එරෙහිව දැවැන්ත පියවරක් තබන්නට ධනංජය ප්
රමුඛ අපේ සිංහයන්ට හැකි වේවිද?


අපි බලමු… මේ පාර ශ්
රී ලංකා ටෙස්ට් ක්
රිකට් එක කොච්චර දුරක් යනවද කියලා!

