Where the Life Meets Cricket

info@cricketlk.com

සූර්යවංශි අද තැබූ සියලු වාර්තා මෙන්න

වයස 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (12) පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේ දී යොවුන් ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත්කිරීමට ඉන්දියාවේ වයිබව් සූරියවංශි සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 433ක් රැස්කළේය.

එය යොවුන් එක්දින තරගවල කණ්ඩායමක් රැස්කළ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ආසියානු කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ 14 හැවිරිදි සූරියවංශි පන්දු 95කට පමණක් මුහුණදෙමින් ලකුණු 171ක් රැස්කිරීමට සමත් විය.

මෙහි ලොව තෙවන වේගවත්ම යොවුන් එක්දින ශතකය වේ. ඔහු පන්දු 30කින් අර්ධ ශතක සීමාව පසුකළ අතර, පන්දු 56කින් ශතක සීමාව පසුකර ගියේය.

කෙසේ නමුත් වේගවත්ම එක්දින යොවුන් ශතකයේ වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුමය. එය එංගලන්තයට එරෙහිව පන්දු 52කින් පිහිටුවා තිබේ.

යොවුන් එක්දින පිටියේ දෙවන වේගවත්ම ශතකයට පාකිස්තානයේ කම්රාම් ගුලාම් (පන්දු 53) හිමිකම් කියයි.

මේ අතර අද ඔහු රැස්කළ ශතකය ඉන්දීය යොවුන් පිතිකරුවෙකු රැස්කළ දෙවන ඉහළම ශතකය වේ.

එහි වාර්තාවට හිමිකම් කියන්නේ 2002 වසරේ එංගලන්තයට එරෙහිව ලකුණු 177ක් රැස්කළ අම්බති රයුදුය.

එමෙන්ම සූරියවංශීගේ ඉනිම හයේ පහර 14කින් සමන්විත වූ අතර, එය යොවුන් එක්දින පිටියේ ඉනිමකදී පිතිකරුවෙකු රැස්කළ ඉහළම හයේ පහර සංඛ්‍යාව විය.

ඔහු බිඳදමනු ලැබුවේ 2008 වසරේදී නැමීබියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ මයිකල් හිල් එල්ල කළ හයේ පහර 12 වාර්තාවය.

එමෙන්ම මේ වනවිට ඔහු යොවුන් එක්දින ඉතිහාසයේ වෘත්තීය හයේ පහර 50ක් එල්ලකළ පළමු ක්‍රීඩකයා ලෙස තවත් වාර්තවකට හිමිකම් කියයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More