Where the Life Meets Cricket

info@cricketlk.com

ෂම්මි ක්‍රිකට් ලොකු පුටුව අත හරී ? නව සභාපති එරාන් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ෂම්මි සිල්වා ට තනතුරින් ඉල්ලා අස්වන ලෙස රජය පාර්ශවයෙන් කළ දැනුම් දීමකට අනුව ඔහු ඉල්ලා අස්වන බව දැනගන්නට ඇත.

 

ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයකු වන එරාන් වික්‍රමරත්න පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

2019 වසරේ පෙබරවාරි මාසයේ දී ක්‍රිකට් ආයතනයේ ඡන්දයෙන් ජයන්ත ධර්මදාස පරාජය කර ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුලින්ම තේරී පත් වූ ෂම්මි සිල්වා අනතුරුව අඛණ්ඩවම එම සභාපති ධුරයෙහි කටයුතු කළේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *