⭕ අවසන් වරට පැවති පකිස්ථානයට එරෙහි එක්දින තරග 12 න් 11 ක්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබෙනවා. (2017 ශූරයන්ගේ කුසලානයේ සිට)
⭕ පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ 04 වන තරගාවලි පරාජය මෙය වන අතර එමෙන්ම මව්බිමේදී ඕනෑම කණ්ඩායමට එරෙහිව පකිස්තානය ලැබූ අඛණ්ඩ තුන්වන එක්දින තරගාවලි ජය ද මෙයයි.
⭕ 2019 එක්දින ලෝක කුසලානයෙන් පසු මව්බිමෙන් බැහැරව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ද්වීපාර්ශවික (Bilateral) තරගාවලි අතුරින් 10 න් 09 ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. (ලැබූ එකම තරගාවලි ජය වන්නේ මෙම වසරේදී ලැබූ සිම්බාබ්වේ තරගාවලි ජයග්‍රහණයයි.)
⭕ මව්බිමේදී පකිස්ථාන ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම එක්දින ශතක සංඛ්‍යාවේ වාර්තාව බාබර් අසාම් ඊයේ (14) සිය නමට ඉදිරියෙන් ලියාගනු ලැබුවා. එය ශතක 08 ක් වූ අතර ඔහු පසුකර ගියේ මොහොම්මඩ් යූසුෆ් ශතක 07 ක් රැස්කර තබා තිබූ වාර්තාවයි.
⭕ ජාත්‍යන්තර එක්දින තරගවලදී 20 වන ශතකය රැස්කිරීමට අඩුම ඉනිම් සංඛ්‍යාවක් වැයකළ ක්‍රීඩකයන් අතර තුන්වන ස්ථානයට බාබර් අසාම් ඊයේ (14) පත්වුණා. (ඉනිම් 136)
එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ ඉනිම 108 කින් එම කඩයිම පසුකළ දකුණු අප්‍රිකා ක්‍රීඩක හෂීම් අම්ලා වන අතර ඉනිම 133 කදී එම අභියෝගය ජයගත් ඉන්දියාවේ විරාට් කෝල් දෙවන ස්ථානයේ පසුවනවා.






