
ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරගය දැඩි වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යැවීමකින් තොරව අත්හැර දැමීමට සිදුවිය.
අයිචි–නාගෝයාහි නිෂිං හි පිහිටි කුරෝගි ක්‍රීඩා උද්‍යානය වෙත අඛණ්ඩව ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය ජලයෙන් යටවීමත් සමඟ තරගය ජපාන වේලාවෙන් පෙරවරු 8.20ට නිල වශයෙන් අත්හැර දමා තිබේ.
තරගාවලි නීති අනුව, තරගය පැවැත්වීමට නොහැකි වූ අවස්ථාවක ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත කණ්ඩායමට ඉදිරියට යාමේ අවස්ථාව හිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසියේය.
ICC T20I ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ පසුවන අතර නේපාලය 14 වැනි ස්ථානයේ පසුවීම මෙම තීරණයට බලපා ඇත.
ඒ අනුව, තරගයක් ක්‍රීඩා නොකරම ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිවිය.
