Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේ කොදෙව් දේශයට

ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අද (3) පස්වරුවේ පවසා සිටියේ, එක්දින හා විස්සයි20 තරග 3කින් හා ටෙස්ට් තරග 2කින් මෙම තරගාවලිය සමන්විත බවය.

 

මසක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග ජැමෙයිකාවේ සබීනා පාර්ක් හා ඇන්ටිගුවාහි SVRS යන ක්‍රීඩාංගණයන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉන් දෙරට අතර පළමුව එක්දින තරගාවලිය පැවැත්වේ.

 

තරග කාලසටහන

එක්දින

ජූනි 03 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 06 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 08 – තෙවන තරගය සබීනා පාර්ක්

විස්සයි20

ජූනි 11 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 13 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 14 – තෙවන තරගය සබීනා පාර්ක්

ටෙස්ට්

ජූනි 18 – 21 – සිව්දින තරගය CCG
ජූනි 25 – 29 – පළමු තරගය SVRS, ඇන්ටිගුවා
ජූලි 03 – 07 – දෙවන තරගය SVRS, ඇන්ටිගුවා

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *