Where the Life Meets Cricket

info@cricketlk.com

විශේන් හැළඹගේට දඩ නියම කරයි

​පසුගියදා නිමාවට පත්වුණු තරඟයේදී ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූරියවංශි සහ ශ්රී ලංකා ක්රීඩක විෂේන් හලඹගේ අතර පිටිය මැද ඇති වූ බහින්බස් වීම සම්බන්ධයෙන් තරඟ තීරකවරයා විසින් ප්රථම විනය පියවර ගෙන තිබේ.
 
තරඟ තීරක ප්රදීප් ජයප්රකාශ් විසින් මෙම සිදුවීමට අදාළව ශ්රී ලංකා ක්රීඩක විෂේන් හලඹගේ හට මූල්යමය දඩයක් පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 
කෙසේ වුවද, ගැටුමට සෘජුවම සම්බන්ධ වූ අනෙක් ක්රීඩකයා වන ඉන්දියාවේ වෛභව් සූරියවංශි හට මෙතෙක් කිසියම් දඬුවමක් හෝ විනය පියවරක් පනවා තිබේද යන්න පිළිබඳව නිල වශයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
 
​ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ විනය රීති පද්ධතියට (ICC Code of Conduct) අනුව තරඟ බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කරයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *