
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොන්දේ සහ ගෙලේ ඇති වූ වේදනාව හා මාංශපේශි ඇදීම හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉදිරි තරග අහිමි වනු ඇති බව වාර්තා වෙයි.
මෙම ආබාධය හේතුවෙන් හසරංග පළමු එක්දින තරගයටද ක්‍රීඩා කළේ නැහැ.
ඔහු වෙනුවට කණ්ඩායමට එක් වූ සචිඳු කොළඹගේ සිය මංගල එක්දින තරගයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.
කණ්ඩායම් කළමනාකාරීත්වය සහ තේරීම් කමිටුව හසරංගව තවදුරටත් අවදානමකට ලක් නොකර, ඔහුව නැවත ශ්‍රී ලංකාවට කැඳවා විවේක ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන විවේක ගැනීමට හසරංග කටයුතු කරනු ඇති අතර, ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන තරගාවලිය සඳහා සූදානම් වීම ඔහුගේ ඉලක්කයයි.
