Where the Life Meets Cricket

info@cricketlk.com

ලෝඩ්ස් පිටියේ ඓතිහාසික ටෙස්ට් ජය ඉන්දීය කාන්තා පිලට

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කර ගෞරවනීය ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (13) සමත් විය.

 

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමගින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව ප්‍රථම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වීමට ඔවුන්ට හැකි විය.

 

දෙරට අතර පළමු හා එකම ටෙස්ට් තරගය ලෙස පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 285/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 170/10ක් පමණි.

 

ලකුණු 115ක වාසියක් සමග දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව එවර ලකුණු 341/7ක් රැස්කර ඉනිම අත්හිටුවා එංගලන්තයට ලකුණු 457ක ඉලක්කයක් ලබාදුන්නේය.

 

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 186ක් පමණි. 

 

ලෝඩ්ස් පිටියේදී පැවති පළමු කාන්තා ටෙස්ට් තරගය මෙය වීමෙන්, ඉන්දියාව තැබූ මෙම ජයග්‍රහණය සදාකාලිකවම ලෝඩ්ස් ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් සටහන් වනු ඇත.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *