මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (08) හැකියාව ලැබුණා.
ඒ අනුව, වැඩිම වාර ගණනක් පන්දුවාර 20 ලෝක ශූරයන් වූ කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම පත්වුණා.
ඉන්දියාව අවස්ථා 03 කදී පන්දුවාර 20 ලෝක කුසලානය ජයගෙන තිබෙනවා.
අඛණ්ඩව තරගාවලි දෙකකදී පන්දුවාර 20 ලෝක කුසලානය දිනූ කණ්ඩායම වන්නේ ද ඉන්දියාවයි.
එමෙන්ම, ඉතිහාසයේ පළමු වරට පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී සත්කාරකත්වය දරන රටේ කණ්ඩායම ශූරතාවය ජයගත් පළමු අවස්ථාව ද මෙය වනවා.
ඊට අමතරව වැඩිම වාර ගණනක් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලදී තරගාවලියේ වීරයා (Man of The Series) සම්මානය දිනූ ක්‍රීඩකයන් නියෝජනය කරන රට වන්නේ ද ඉන්දියාවයි.
ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 04 කදී තරගාවලියේ වීරයා (Man of The Series) සම්මානය දිනාගෙන තිබීම ද විශේෂත්වයක්.