Where the Life Meets Cricket

info@cricketlk.com

ලීඩ්ස් පිටියේදී කුසල්ස්ගෙන් ශතකයක්

එංගලන්තයට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් සිය 7 වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත්ව තිබේ.

 

ලීඩ්ස්හිදී මේ වනවිට පැවැත්වෙන තරගයේදී කුසල් මෙන්ඩිස් සිය ශතකය සම්පූර්ණ කර ඇත්තේ හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින්ය.

 

මෙය එංගලන්ත කණ්ඩායමට එරෙහිව කුසල් මෙන්ඩිස් වාර්තා කළ පළමු එක්දින ශතකය වන අතර, එංගලන්තයේදී ඔහු රැස් කළ පළමු එක්දින ශතකයද මෙයයි.

 

එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව අධිවේගී පිතිහරඹයක නිරත වූ මෙන්ඩා, සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 7️⃣ වන ශතකය මෙලෙස වාර්තා කළා.
මාස 14කට පසු කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 7️⃣ වන ශතකය වාර්තා කිරීමට අද (25) සමත් වුණා. 🏏💯

🇬🇧 ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව Leeds ක්‍රීඩාංගණයේදී වාර්තා කළ මෙම ශතකය කුසල්ගේ එංගලන්ත භූමියේ පළමු එක්දින ශතකය වීමත් විශේෂත්වයක්. 🔥

🫡 නව නායකයා ලෙස පත්වීමෙන් පසුව කුසල් මෙන්ඩිස් රැස් කළ පළමු එක්දින ශතකය ද මෙයයි! 🇱🇰👑

🌍 තවත් විශේෂ වාර්තාවක්…

මෙය කුසල් මෙන්ඩිස් SENA රටකදී වාර්තා කළ පළමු එක්දින ශතකය වන අතර, මව්බිමෙන් පිටතදී ඔහු රැස් කළ දෙවන එක්දින ශතකය ලෙසත් වාර්තා අතරට එක්වුණා. 💯🏏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *