Where the Life Meets Cricket

info@cricketlk.com

මෙන්ඩිස් PSL ලකුණු 500ට කිට්ටුවෙයි

පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙන්ඩිස් මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ආසන්නයට පැමිණ සිටියි.

 

කුසල් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේද ප්‍රහාරාත්මක ලකුණු 85ක් නොදැවී රැස්කිරීමට සමත්විය. 

 

ඒ සමග මේ වනවිට ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 493ක් දක්වා ඉහළ ගියේය. 

 

එම තරගයේ කුසල් තවත් ලකුණු 7ක් රැස්කර ලකුණු 500 පසුකිරීමට පෙර, සිය කණ්ඩායම හඹා යායුතු ඉලක්කය සම්පූර්ණ විය.

 

මේ වනවිට තරග 8කට ක්‍රීඩාකර ඇති කුසල්, ශතකයක් (ලකුණු 109ක්) හා අර්ධ ශතක 4ක් සමගින් මෙම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන සිටියි.

 

172.37ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන සිටින කුසල්ගේ තරගයක සාමාන්‍ය 70.42ක් වේ.

 

කුසල් මෙම තරගාවලියේ මේ දක්වා ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවාද වන අතර, ඔහුට පසුපසින් සිටින්නේ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන බාබර් අසාම්ය. ඔහු ලකුණු 426ක් රැස්කර ඇත. 

 

එමෙන්ම කුසල් ක්‍රීඩාකරන පෙෂාවර් සල්මි කණ්ඩායමද මේ දක්වා ක්‍රීඩාකල තරග 9න් 8ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටියි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *