තම අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේ ඔහුගේ පුහුණුකාර ධුරය අවදානම් මට්ටමක පවතින පසුබිමකදී ගම්භීර් මෙම අදහස් පළකර ඇත්තේ.
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් සත්කාරක ඉන්දියාවට ලකුණු 408 ක දැවැන්ත පරාජයක් අත්වුණා.
අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ගෞතම් ගාම්භීර් සඳහන් කළේ තමා ගැන නොව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වැදගත් කොට සළකන ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා සිටි බවයි.
තරග පරාජය සම්බන්ධයෙන් කිසිවෙකුටත් ඇඟිල්ල දිගු කිරීමට තමා කටයුතු නොකරන බවද ගෞතම් ගාම්භීර් මෙහිදී සඳහන් කළා.






