අංක 07 හෝ පහළ ස්ථානයක ක්‍රීඩා කරමින් ඉන්දියාවට එරෙහිව ශතකයක් රැස්කළ තුන්වන දකුණු අප්‍රිකානු පිතිකරුවා බවට පත්වීමට සෙනුරන් මුත්තුසාමි අද (23) පත්වුණා.
එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වීම ද විශේෂත්වයක්.
මීට පෙර එම දක්ෂතාවය දක්වා ඇත්තේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනෙකු පමණයි.
ඒ 1997 වසරේදී ලකුණු 102 ක් රැස්කළ ලාන්ස් ක්ලූස්නර් සහ 2019 වසරේදී ලකුණු 11 ක් ලබාගත් ක්වීන්ටන් ඩී කොක් බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.






