
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පවතින ආබාධයක් හේතුවෙන් මෙවර (2026) ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගාවලියෙන් පසුව, මෙම ආබාධය සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමට ඔහු අපේක්ෂා කරයි.
පසුගිය වසර පුරා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ඇතුළු තරග ගණනාවකට අඛණ්ඩව සහභාගී වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මෙවර LPL තරගාවලිය සඳහා සෘජු ක්‍රීඩක ගිවිසුම්ගත ලැයිස්තුවට ඔහු ඇතුළත් නොවූ අතර, ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා වසරේ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා පූර්ණ යෝග්‍යතාවයෙන් පෙනී සිටීම මෙම තීරණයේ අරමුණයි.
