
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ![]()
ඒ, ඔහුට තවමත් ක්රීඩා කිරීම සඳහා අවශ්ය වෛද්ය අනුමැතිය හිමි නොවීම හේතුවෙන්.
එංගලන්ත තරග සංචාරය අතරතුර ආබාධයකට ලක්වූ පැතුම්ට, ඒ හේතුවෙන් ඉදිරි තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ![]()
පැතුම් නිස්සංක වෙනුවට ළහිරු උදාර ශ්රී ලංකා සංචිතයට එක් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. ![]()
ශ්රී ලංකා ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබාදිය හැකි පිතිකරුවෙකු වන පැතුම්ගේ අහිමි වීම කණ්ඩායමට බලපාන කරුණක් වනු ඇති.
පැතුම්ට ඉක්මන් සුවය ලැබී නැවතත් ශ්රී ලංකා ජර්සියෙන් පිටියට පිවිසීමට හැකි වේවායි ප්රාර්ථනා කරමු!
