Where the Life Meets Cricket

info@cricketlk.com

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ICC 2025-2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගී වීමට ඊයේ (20) රාත්‍රීයේ දී පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

 

ඔවුන් සහභාගී වන එක්දින තරග තුන, එළැඹෙන 23 ,25 සහ 28 යන දිනවල, හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

 

මීට අමතරව මෙම පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ මෙම මස 31,ලබන මස 02 සහ 04 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට ද සහභාගීවීමට නියමිත බව සඳහන් වෙයි.

 

මෙම පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රී 10ට ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *