Where the Life Meets Cricket

info@cricketlk.com

පාකිස්තානය Rising Stars Asia Cup අවසන් පූර්ව වටයට !

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුමක උණුසුම නැවතත් ලොවට පෙන්වමින් ඉන්දීය A කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට පාකිස්තාන A කණ්ඩායම සමත් වුණා. 😍🔥
💥 පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන A කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 313ක් රැස් කළා.
🏏 හසන් නවාස්ගෙන් සුපිරි ලකුණු 79ක් ! 🏏 මාස් සදකත්ගෙන් ලකුණු 59ක් ! 🏏 ෆර්හාන් යූසෆ්ගෙන් ලකුණු 56ක් !
ලකුණු 314ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඉන්දීය A කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක වුණේ නැහැ. ලකුණු 26ක් වන විට පළමු කඩුලු දෙකම බිඳ වැටුණා. 😮
කෙසේ වෙතත් අභිෂේක් ෂර්මා පන්දු 42කින් ලකුණු 70ක් ලබාගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළා.
💯 නායක තිලක් වර්මාගෙන් තවත් විශිෂ්ට ශතකයක් !
පරාජය පෙනි පෙනී තිබියදීත් සටන අත්නොහැර ක්‍රීඩා කළ තිලක් වර්මා පන්දු 149කදී නොසැලෙන ලකුණු 100ක් ලබාගත්තා. මෙය ඔහු තරගාවලියේ පිට පිටම වාර්තා කළ දෙවැනි ශතකයයි.
ෂහ්බාස් අහමඩ් සමඟ එක්ව හත්වැනි කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් ගොඩනැගුවත් ඉන්දියාවට ජයග්‍රහණය කරා යාමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.
🎯 පාකිස්තානය වෙනුවෙන් අලි රාසා සහ හසන් නවාස් කඩුලු 3 බැගින් දවාගනිමින් ජයග්‍රහණයේ ප්‍රධාන සාධක බවට පත්වුණා.
අවසානයේ ඉන්දීය A කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 265ක් පමණයි.
🏆 ඒ අනුව ලකුණු 48ක විශිෂ්ට ජයක් සමඟින් පාකිස්තාන A කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. 🇵🇰❤️
😲 ටොස් එකේදීත් ඇතිවූ මතභේදය, පිටියේ උණුසුම් අවස්ථා සහ දෙපිලේ ක්‍රීඩකයන් අතර පැවති තරගකාරීත්වය නිසා මෙම තරගය තවත් විශේෂ වුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *