Where the Life Meets Cricket

info@cricketlk.com

පාකිස්තානයට එරෙහි T20 සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.

 

ශ්‍රී ලංකා පිරිමි ජාතික T20 කණ්ඩායම ඔක්තෝබර් 04 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී ටෙස්ට් තරග දෙකක්, T20 තරග තුනක් සහ එංගලන්තයද එක්වන එක්දින තුන්කොන් තරගාවලියකට සහභාගී වීමට නියමිතය.

 

T20 තරගාවලිය ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවල රාවල්පිණ්ඩිහිදී පැවැත්වේ.

 

එක්දින තුන්කොන් තරගාවලිය ඔක්තෝබර් 18 සිට 31 දක්වා පැවැත්වෙන අතර, ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 09 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 

T20 සංචිතය

කමිල් මිෂාර
සිනෙත් ජයවර්ධන
කුසල් මෙන්ඩිස් – නායක
ලහිරු උදාර
සහන් ආරච්චිගේ
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
චමිඳු වික්‍රමසිංහ
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
බිනුර ප්‍රනාන්දු
නුවන් තුෂාර
එෂාන් මාලිංග
දුෂ්මන්ත චමීර – ශාරීරික යෝග්‍යතාවට යටත්ව

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *