ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්
රී ලංකා දඟපන්දු යවන ක්
රීඩක ප්
රභාත් ජයසූරිය ICC ආචාරධර්ම පද්ධතියේ Article 2.2 උල්ලංඝනය කිරීම හේතුවෙන් නිල වශයෙන් අවවාද කර තිබෙනවා. ඒ සමඟ ඔහුට එක් demerit point එකක්ද ලබාදී තිබෙනවා.

සිදුවීම සිදුවුණේ දෙවැනි දිනයේ අවසන් පන්දුවෙන් දැවී යාමෙන් පසුවයි. ක්
රීඩාගාරය වෙත යමින් සිටියදී ජයසූරිය සිය පිත්තෙන් boundary wedges වලට පහර දී තිබෙනවා.

ICC Article 2.2 යටතේ මෙය ජාත්
යන්තර තරගයකදී ක්
රීඩා උපකරණ හෝ ක්
රීඩාංගණයේ උපකරණ/ස්ථාවර ව්
යුහයන් අනිසි ලෙස භාවිත කිරීමක් ලෙස සැලකෙනවා.
ජයසූරිය වරද පිළිගෙන ICC තරග තීරක Andy Pycroft විසින් යෝජනා කළ දඬුවම පිළිගෙන ඇති නිසා මේ සම්බන්ධයෙන් විධිමත් විභාගයක් පැවැත්වීමට අවශ්
ය වී නැහැ. මෙය පසුගිය මාස 24 තුළ ඔහුට ලැබුණු පළමු demerit point එකයි.

මේ අනුව කොළඹ ටෙස්ට් තරගයේ ICC දඬුවම් ලැබූ තුන්වැනි ක්
රීඩකයා බවටත් ප්
රභාත් ජයසූරිය පත්වනවා.