පළමු T20 තරගයෙන් නවසීලන්තය පරදා කොදෙව්වන්ට ජය
නවසීලන්තයට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (05) සමත් වුණා.
ඕක්ලන්ඩ් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 164 ක් රැස්කළා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 53 ක් ද රෝමන් පවෙල් ලකුණු 33 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 157 ක් පමණයි.
රොස්ටන් චේස් සහ ජේඩන් සීල්ස් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.
දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට (06) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.45 ට ඕක්ලන්ඩ් හීදී පැවැත්වීමට නියමිතයි.
Share This Post
Post a comment









