
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි T20I තරගාවලියට පෙර පකිස්ථාන කණ්ඩායමේ විශාල වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. 🏏🔥
සල්මාන් අගා T20I නායකත්වයෙන් ඉවත් කර ඇති අතර, ඔහු T20I සංචිතයෙන්ද ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට මෑතකදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී පකිස්ථානය රිදී පදක්කම දක්වා මෙහෙයවූ Sahibzada Farhan නව T20I නායකයා ලෙස පත් කර තිබෙනවා. 🏏
🔥 Hasan Nawaz නැවතත් T20I සංචිතයට
ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 96ක් රැස් කළ Hasan Nawaz වසරකට පසුව නැවතත් T20I කණ්ඩායමට එක්වී තිබෙනවා.
⚡ Naseem Shahත් නැවත පැමිණෙයි!
පසුගිය පෙබරවාරි මාසයේ T20 ලෝක කුසලානයේදී අවසන් වරට T20I තරගයකට ක්‍රීඩා කළ Naseem Shah ද නැවතත් සංචිතයට එක්ව තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ODI තුන්කොන් තරගාවලිය සඳහාද නම් කර තිබෙනවා.
ඒ අතරම, 2022දී පකිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Shaun Tait නැවතත් එම තනතුරට පැමිණ තිබෙනවා. 🏏🔥
🇵🇰 පකිස්ථාන T20I සංචිතය
Sahibzada Farhan (නායක)
Abdul Samad
Abrar Ahmed
Arafat Minhas
Fakhar Zaman
Hasan Nawaz
Muhammad Imran Randhawa
Khawaja Nafay (කඩුලු රකින්නා)
Maaz Sadaqat
Naseem Shah
Razaullah
Saim Ayub
Mohammad Salman Mirza
Shadab Khan
Sufiyan Moqi
🏏 ODI තුන්කොන් තරගාවලිය සඳහා පකිස්ථාන සංචිතය
Shaheen Shah Afridi (නායක)
Abrar Ahmed
Salman Ali Agha
Arafat Minhas
Babar Azam
Faheem Ashraf
Fakhar Zaman
Muhammad Ghazi Ghori (කඩුලු රකින්නා)
Haris Rauf
Hasan Nawaz
Naseem Shah
Razaullah
Saad Baig (කඩුලු රකින්නා)
Saim Ayub
Shadab Khan
Sufiyan Moqim
