Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්තාන ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් / ඉමාම් සහ රිස්වාන් ගේ දුරකථනත් පරීක්ෂා කරයි

එංගලන්ත සංචාරයේදී පාකිස්තාන ක්‍රීඩකයන්ගේ විනය සහ හැසිරීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් Pakistan Cricket Board විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 

PCB මාධ්‍ය අධ්‍යක්ෂ Amir Mir සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ, discipline සහ conduct සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා මේ වනවිට අභ්‍යන්තරව සමාලෝචනය කරමින් පවතින බවයි.

 

මෙම ක්‍රියාවලිය PCB නීතිරීති සහ සාමාන්‍ය ක්‍රියාපටිපාටි යටතේ සිදුකරන අතර, සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සාධාරණ අවස්ථාවක් ලබාදෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

 

මෙම සිදුවීම පැමිණෙන්නේ පාකිස්තාන කණ්ඩායම තුළ විශාල වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින අවස්ථාවකයි. මේ වනවිට කණ්ඩායම Birmingham හි රැඳී සිටින්නේ එංගලන්තයට එරෙහි තෙවැනි සහ අවසන් Test තරගයට සූදානම් වෙමින්.

 

Lord’s හි පැවති දෙවැනි Test තරගයෙන් ලකුණු 194ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුව England කණ්ඩායම තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන තිබෙනවා.

 

ඒ පරාජයෙන් පසුව PCB විසින් කණ්ඩායමේ ක්‍රීඩකයන් 7 දෙනෙකු වෙනස් කිරීමට පියවර ගත් අතර, Head Coach Sarfaraz Ahmed සහ Bowling Coach Umar Gul ද තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

 

ඒ වෙනුවට White-ball coaches Mike Hesson සහ Ashley Noffke වෙත තාවකාලිකව කණ්ඩායමේ වගකීම් පවරා තිබෙනවා.

 

PCB සභාපති Mohsin Naqvi ද මීට පෙර පවසා තිබුණේ කණ්ඩායමේ දුර්වල දස්කම්වලට performance වලින් ඔබ්බට ගිය කරුණුද බලපා ඇති බවට සැකයක් පවතින බවයි.

 

මේ අතර සංචාරක තේරීම් කමිටුව සහ PCB High Performance Director Aaqib Javed අතර සන්නිවේදන ගැටලුවක් ඇතිවී තිබූ බවත් වාර්තා වනවා.

 

Aaqib Javed විසින් Sarfaraz Ahmedගේ තේරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචන එල්ල කර තිබූ අතර, කණ්ඩායමේ විනය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද දැඩි අදහස් පළ කර තිබුණා.

 

එමෙන්ම දෙවැනි Test තරගයේ පළමු දිනයේ calf injury එකකට ලක්වූ Imam-ul-Haq පිළිබඳවද ප්‍රශ්න මතුව තිබෙනවා. ඔහුට පිතිකරණයට පැමිණීමට නොහැකි වීම සම්බන්ධයෙන් Aaqib Javed විවේචන ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

 

කෙසේ වෙතත්, මේ වනවිට ආරම්භ කර ඇති විමර්ශනය නිශ්චිතව කුමන ක්‍රීඩකයන්ට හෝ නිලධාරීන්ට එරෙහිවද යන්න හෙළි කර නැහැ.

 

එමෙන්ම විමර්ශනය අවසන් වන දිනයක්, ලබාදිය හැකි දඬුවම් මොනවාද, හෝ දැනට Birmingham හි සිටින ක්‍රීඩකයන්ටද මෙම පරීක්ෂණය අදාළද යන්න පිළිබඳවද තවමත් නිල තොරතුරු නැහැ.

 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තුළ විනය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනය තවත් උණුසුම් වෙමින් පවතින බව වාර්තා වනවා.

 

Geo Sports වාර්තා කරන ආකාරයට, Imam-ul-Haq සහ Mohammad Rizwan යන ක්‍රීඩකයන් දෙදෙනා එංගලන්තයට එරෙහි පළමු Test තරගය අතරතුර කණ්ඩායමේ විනය නීති උල්ලංඝනය කරමින් ජංගම දුරකථන භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

 

මේ හේතුවෙන් ඔවුන්ගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමට PCB පියවර ගෙන ඇති බව සඳහන්.

 

විශේෂයෙන්ම එම කාලය තුළ ඔවුන් සම්බන්ධ වී තිබූ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශනය කිරීමට නියමිත බව වාර්තා වනවා. 

 

චෝදනා සනාථ වුවහොත්, ක්‍රීඩකයන් දෙදෙනාටම දැඩි විනය ක්‍රියාමාර්ග සහ දඬුවම්වලට මුහුණදීමට සිදුවිය හැකි බවත් සඳහන්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *