Where the Life Meets Cricket

info@cricketlk.com

දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතයට නවකයින් 02 ක්

ඉන්දියාවට එරෙහිව කොළඹ SSC ක්රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ ශ්රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
 
ප්රධාන පිතිකරුවන් තිදෙනෙකුගේ අහිමිවීම හේතුවෙන් ශ්රී ලංකා පිතිකරණ අංශයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ප්රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් තහවුරු කර ඇත්තේ කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිශ්ශංක දෙවැනි ටෙස්ට් තරගයට ක්රීඩා නොකරන බවයි.
 
කුසල් මෙන්ඩිස් කලවා පිටුපස ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයද අහිමි කරගත් අතර, පැතුම් නිශ්ශංක මැණික් කටුවේ ආබාධයකින් සුවය ලබමින් සිටිනවා. පළමු ටෙස්ට් තරගයේදී හිසට සිදුවූ ආබාධයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ටද දෙවැනි තරගය අහිමි වනු ඇති බව සඳහන්.
 
ඒ අනුව මෙම අත්දැකීම් බහුල පිතිකරුවන් තිදෙනා වෙනුවට කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේට සංචිතයට එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.
 
වසර ගණනාවක් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට නායකත්වය, අත්දැකීම් සහ ස්ථාවරත්වය ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් යන ජ්යෙෂ්ඨ ක්රීඩකයන් පස්දෙනාගෙන් කිසිවෙකුත් නොමැතිව ශ්රී ලංකාව ටෙස්ට් තරගයකට පිවිසෙන පළමු අවස්ථාව මෙය බවට පත්වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *