Where the Life Meets Cricket

info@cricketlk.com

දෙවැනි ටෙස්ට් එකට කලින් ධනංජයගෙන් විශේෂ ප්‍රකාශයක්!

ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවේදී SSC තණතීරුව සහ කණ්ඩායමේ සැලසුම් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක පරාජයක් ලැබුවත්, කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තරග තත්ත්වය වෙනස් විය හැකි බව ධනංජය පෙන්වා දී තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ තණතීරුව පිළිබඳව කණ්ඩායමට යම් අදහසක් තිබුණත්, එහි අවසන් ස්වභාවය ගැන නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

එමෙන්ම පළමු ටෙස්ට් තරගයේදී භාවිත කළ පන්දු යැවීමේ සංයෝජනයම දෙවැනි තරගයේදීත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ධනංජය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත සංයෝජනයක් කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ තරගයේදී ප්‍රධාන පිතිකරුවන් කිහිපදෙනෙකු නොමැතිව ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගයට නොමැති අතර, ඒ වෙනුවට කමිල් මිශාර සහ සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙනවා.

පළමු තරගයේ පරාජය අමතක කරලා, නව ක්‍රීඩකයන් සමඟින් ශක්තිමත් පිළිතුරක් ලබාදීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි.

 

කොළඹදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පෙරළියක් කරන්න පුළුවන් වෙයිද ?

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *