ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් සුබදායක තොරතුරක් වාර්තා වනවා.
හතරේ සීමාව වෙත ඇදී ගිය පන්දුවක් නතර කිරීමට උත්සාහ කිරීමේදී ඩයිව් කිරීමෙන් අනතුරුව චන්දිමාල්ගේ දකුණු උරහිස සහ ගෙල ප්රදේශයේ ආබාධයක් ඇතිවුණා.
සිද්ධියෙන් පසුව කණ්ඩායමේ වෛද්යවරයා සහ භෞතචිකිත්සකවරයා විසින් ඔහුව පිටියේදීම පරීක්ෂා කළ අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහල වෙත රැගෙන ගියා.
මේ වනවිට චන්දිමාල්ගේ ස්කෑන් පරීක්ෂණවල ප්රතිඵල ලැබී ඇති අතර, එහි කිසිදු බරපතළ තත්ත්වයක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.